සාදරයෙන් පිළිගනිමු!

Posted by විදු සිප්සල කණ්ඩායම | Posted in Uncategorized | Posted on 31-01-2010

දයාබර ශ්‍රී ලාංකේය දරැ දැරියන්ගේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය සදහා අත්වැලක් සැපයීමේ අභිලාශයෙන් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරන්නට යෙදුනෙමු. විවිධ විෂයන් පාදක කර අදාල විෂය කරැණු සරළව දරැවන් වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

විවිධ විෂයන් සදහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පලපුරැදු ඇදුරැ මඩුල්ලක සහයෝගය තුලින් ඔබගේ අධ්‍යාපන කටයුතු වඩා ඵලදායී ලෙස ඉහළ තලයකට ගෙන ඒමට අප නිරතුරැව උත්සහ කරමු.ප

මෙය අපගේ උත්සහයේ මුල් පියවර  වන බැවින් බොහෝ බාධක අප වෙත පැමිණෙනු ඇත. ඒවාට සාර්ථකව මුහුණ දී ගුණාත්මක බවින් වඩා උසස් සේවාවක් දරැවන්ට ලබා දීමට බලාපොරොත්තු වෙමු.

මෙම කර්තව්‍ය සාර්ථකව මෙහෙයවීම සදහා අප සතු සියළුම හැකියාවන් යොදන අතර මෙහි අඩංගු වන සියළු ගුණ දොස් අප වෙත දන්වා වඩා ඵලදායී සේවාවක් ඔබ වෙත ලබා දීමට අතහිත ලබා දෙන මෙන් ඔබගෛන් ඉල්ලා සිටිමු.

ස්තූතියි!